🔰2022 මහබැංකු වාර්තාවේ සාරාංශගත තොරතුරු🔰

🔰2022 මහබැංකු වාර්තාවේ සාරාංශගත තොරතුරු🔰


🟢 මූර්ත ආර්ථිකය සංකෝචනය -7.8%⬇️

🟢 දදේනි වර්ධනය
2021 – 3.5%⬆️ 2022 – 7.8%⬇️

🟢 වැඩිම ආර්ථික පසුබෑම සිදු වූ අංශ
1. කර්මාන්ත අංශය ( -16%⬇️ ) ( ඉදිකිරීම් )
2. කෘෂිකාර්මික අංශය ( -4.6%⬇️ ) ( තේ )
3. සේවා අංශය ( -2%⬇️ )

🟢 ඒක පුද්ගල ආදායම - 💲 3 474 ( -12.9%⬇️ )

🟢 කර්මාන්ත අංශයේ පසුබෑමට හේතු
🔸විදුලි කප්පාදු
🔸ඉන්ධන හිගය
🔸ආනයන සීමා කිරීම්
🔸විදේශ සංචිත හිගවීම
🔸ආර්ථික අර්බුදය
🔸අමුද්‍රව්‍ය හිගවීම
🔸උද්ධමනය
🔸අරගලකාරී තත්ත්ව

🟢 පිස්කල් උපකරණවල හැසිරීම ( බදු ප්‍රතිපත්තිය )
🔸රාජ්‍ය ආදායම 8.2% ( දදේනි )
🔸රාජ්‍ය වියදම 18.5% ( දදේනි )
🔸සමස්ත අයවැය හිගය 10.2% ( දදේනි )
🔸රාජ්‍ය ණය 113.8% ( දදේනි )

🟢 උද්ධමනය ඉහළ යාම ව්‍යාපාර වලට ඇති කරන දුෂ්කරතා
🔸නිෂ්පාදන පිරිවැය ඉහළ යාම
🔸භාණ්ඩවල මිල අඛණ්ඩව ඉහළ යාම
🔸ජීවන වියදම ඉහළ යාමත් සමඟ නිෂ්පාදනවලට ඉල්ලුම අඩුවීම
🔸ව්‍යාපාර අලෙවිය හා ලාභදායිත්වය පහළ යාම
🔸සෘණ මූර්ති ප්‍රතිලාභ
🔸මූර්ත වැටුප පහල යාම සමගම සේවක පිරිවැටුම ඉහළ යාම

🟢 විශාල ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හා එය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය
🔸ඉහළ යන උද්ධමන පීඩනය සහ එමගින් දේශීය ආර්ථිකය ස්ථායීතාවය ට වන අහිතකර බලපෑම් පාලනය කිරීම
🔸වසංගත තත්ත්ව පැවති කාලය තුළ අනුගමනය කරන ලද ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල බලපෑම පාලනය කිරීම
🔸අහිතකර උද්ධමන අපේක්ෂා ඉහළ යාම පාලනය කිරීම
🔸සෘණ මූර්ත පොලී අනුපාතික මට්ටම අඩු කිරීම
🔸විදේශීය අංශයේ අසමතුලිතතා සමනය කිරීම
🔸පොලී අනුපාතික ව්යුහයේ පැවැති විෂමතා නිවැරදි කිරීම

🟢 උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් ක්‍රියාමාර්ග
🔸ප්‍රතිපත්ති පොලී අනුපාත ⬆️
🔸ව්‍යවස්ථාපිත සංචිත අනුපාත ⬆️
🔸පොලී අනුපාතික මත පැනවූ උපරිම සීමාව ඉවත් කිරීම

🟢 ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ගොඩනැගීම සදහා ද්වීපාර්ශවීය හා බහුපාර්ශවීය හවුල්කරුවන්ගේ හිමිවූ සහය
🔸ඉන්දියානු ණය පහසුකම් ( ඉන්ධන පොහොර ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා )
🔸ජාත්‍යන්තර විදේශ විනිමය හුවමාරු පහසුකම් ( චීනය ඉන්දියාව බංග්ලාදේශය මගින් සංචිත සඳහා දායකත්වය )
🔸ආසියානු නිෂ්කාශන සංගමයේ හිමි වූ පහසුකම් ( ණයසේවාකරණය හා මූල්‍ය කටයුතු සදහා )
🔸ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව
🔸ආසියානු නිෂ්කාශන සංගමය

🟢 පිස්කල් ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ආදායම වැඩි කිරීමට මෑතකාලීනව ගත් ක්‍රියාමාර්ග
🔸VAT ඉහල දැමීම
🔸විදුලි සංදේශ බද්ද 15%⬆️
🔸එක් වරක් පමණක් අය කරන අධිභාර බදු 25%
🔸සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් පැනවීමෙන් ( 2.5% පිරිවැටුම මත )
🔸බදු පදනම පුළුල් කිරීම
🔸ආයතන සහ පුද්ගලයින් සඳහා වන බදු ව්යුහය සංශෝධනය කිරීම
🔸රදවා ගැනීමේ බද්ද නැවත හදුන්වා දීම
🔸VAT නිදහස් කිරීම් ඉවත් කිරීම
🔸පෙට්ට්‍රල් ඩීසල් මද්‍යසාර නිෂ්පාදන බදු සංශෝධනය කිරීම

🟢 වියදම් තාර්කීකරණය
🔸විදුලි බලය සහ ඉන්ධන භාවිතය අවම කිරීමට මාර්ගඋපදේශ නිකුත් කිරීම
🔸හදිසි නොවන / අත්‍යවශ්‍ය නොවන වියදම් සීමා කිරීමට රාජ්‍ය අංශ වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීම
🔸2023 වසරට සියලුම රාජ්‍ය ආයතන වල අනුමත පුනරාවර්තන වියදම් ඇස්තමේන්තු වලින් 6%⬇️ අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීම
🔸රාජ්‍ය සතු ප්‍රධාන වාණිජ විවසාය න් සඳහා වන ප්‍රතිසංස්කරණ ( ලං.ඛ.නී.සං ) / ( ලං.වි.ම )
🔸පිරිවැය පිලිබිඹුවන මිල සුත්‍රය
🔸රාජ්‍ය සතු එක ව්‍යවසායන් ප්‍රතිසංස්කරණ ඒකකය
🔸ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post